කන්ටේනර් රථයක්, තවත් වාහන කිහිපයක ගැටී සිදුවූ බිහිසුණු මාරක රිය අනතුර.(VIDEO)

Accident Anuradhapura Thrinco Nochvhiyagama
By Aruna May 09, 2021 06:14 AM GMT
Aruna

Aruna

Report

අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අධික වේගයෙන් පැමිණ ඇතැයි සැක කෙරෙන කන්ටේනර් රථය යතුරුපැදි දෙකක් හා පාපැදියක් යටකර ගෙන ධාවනය වී ඇතැයි “අප වාර්තාකරු පැවසීය.

ගල් අඟුරු පටවා තිබී ඇති කන්ටේනර් රථය පසුව නවතා තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයක, තාප්පයක හා විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු සිව්දෙනා අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

ඔවුන් නොච්චියාගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබේ.

අනතුර සිදුවු ආකාරය පිළිබඳ මේ වන විට නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....


Join now