අයියා පණගැන්වූ යතුරුපැදියට යට වී පුංචි නැගණිය අවසන් ගමන් යයි

accident death brother vavakkachcheri motorbike
By Sewvandhi Apr 16, 2021 01:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා. යතුරුපැදියේ හිමිකරු බැහැරක ගොස් නැවත පැමිණ යතුරුපැදිය නවතා එහි යතුරු කටෙහි යතුර රඳවා තබා ගොස් තිබෙනවා. 

මෙහිදී නිවසේ සිටි දස හැවිරිදි කුඩා දරුවකු යතුරුපැදිය පණ ගැන්වීමට උත්සහ දරා ඇති අතර හදිසියේ පණ ගැන්වුණු යතුරුපැදිය ධාවනය වී ඔහුගේ ඉදිරියේ සිටි වයස අවුරුදු එකහමාරක් වන කුඩා නැගණිය අනතුරට ලක්ව තිබෙනවා. අනතුරට ලක් වූ දැරිය වහාම චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද රෝහල් ගත කරන විටත් ඇය මිය ගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ කුඩා දරුවන් සිටින නිවෙස්වල රථවාහන නවතා යාමේදී මෙවැනි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන ලෙසයි. රථවාහන නවතා තැබීමෙදී එහි යතුර ඉවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.