බස් රථයක් ඇළකට පෙරලීමෙන් සිදු වු අනතුර

Police Accident
By Thaya Apr 06, 2021 05:46 PM GMT
Report

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළට පෙරළී අද (06) දහවල් එම අනතුර සිදුව ඇතැයි වාර්තාකරු පැවසීය. ගල්කිරියාගම සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය බව එහි රියදුරු පවසා තිබේ. ප්‍රදේශවසීන්ගේ සහාය ඇතිව බස් රථයේ සිරවී සිටි මගීන් ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලීසිය පැවසීය. අනතුරින් පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර කාන්තාවන් 13 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. තුවාල ලැබීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.