වැල්ලවත්තේ මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලයි

Report

රජයේ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මත්පැන් සහ බීර වර්ග මහා පරිමාණයෙන් ළඟ තබාගෙන අලෙවි කරමින් සිටි ජාවාරම්කරුවෙකු විශාල මත්පැන් තොගයක් ද සමඟින් අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.

ඊයේ (30) දින වැල්ලවත්ත, දයා පාර ප්‍රදේශයේදී එම විමර්ශන නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම දැවැන්ත මත්පැන් සහ බීර තොගය නීතිවිරෝධී ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇත.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

මෙම වැටලීමේදී පොලිස් භාරයට ගත් සමස්ත මත්පැන් තොගය අතර මිලිලීටර් 750 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 67 ක්, මිලිලීටර් 375 ප්‍රමාණයේ බෝතල් 66 ක්, මිලිලීටර් 180 කුඩා ප්‍රමාණයේ බෝතල් 217 ක් මෙන්ම මිලිලීටර් 500 ප්‍රමාණයේ බීර කෑන් 327 ක් ද අඩංගු වන බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වයස අවුරුදු 36 ක් වන වැල්ලවත්ත ප්‍රදේශයේම ස්ථිර පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

විශේෂයෙන් සැලකිලිමත්වන්න - මුළු ලංකාවටම පැය 24ක් යනතුරු වලංගු නිවේදනයක්

විශේෂයෙන් සැලකිලිමත්වන්න - මුළු ලංකාවටම පැය 24ක් යනතුරු වලංගු නිවේදනයක්

අත්අඩංගුවට ගත් සැකකරු සහ සොයාගන්නා ලද මෙම මහා පරිමාණ මත්පැන් සහ බීර තොගය ඉදිරි දැඩි නීතිමය ක්‍රියාමාර්ග සහ අධිකරණ කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත නිල වශයෙන් භාර දී ඇත.

මේ වන විට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැල්ලවත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.