මං දේශපාලනේ නැහැ social media වල මේ බනින බැනිල්ල අහන්න ලෑස්ති වෙන මිනිහෙක් ඒකට හොඳයි(VIDEO)

family education businessman achievement dammika perera
By Sewvandhi Jun 26, 2021 08:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

✿සම්පූර්ණ නම..? ''කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා....''

✿උපන් ගම.....? ''කලුතර....''

✿පාසල් ගියේ......? ''පාසල් ගියේ අලුත්ගම මහා විද්‍යාලයට ඊට පස්සේ හොරණ තක්ශිලාව....''

✿පවුලේ විස්තර....? ''මල්ලිලා දෙන්නයි නංගි ඉන්නව මට...ඊට පස්සේ මගේ පවුලේ නෝනයි දුවලා තුන් දෙනෙක් ඉන්නවා....''

✿පළමු රැකියාව....?''මම කොහෙවත් රැකියාවක් කළේ නැහැ මම ඇත්තටම A/L පටන් ගත්තට පස්සේ මම මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා ඉතිං ඒකත් එක්ක තමයි මම අද මෙතැනට ඇවිල්ලා තියෙන්නේ හොඳම උදාහරණය තමයි මොරටුව university එකට යන වෙලාව වෙනකොට කටුබැද්ද හන්දියේ විශාකා කියන හෝටලයේ හතළිස් දෙනෙක් වැඩ කරනවා.....''

✿පලවෙනි ව්‍යාපාරය ඒකද...? ''නෑ පලවෙනි ව්‍යාපාරය electronics තමයි මම කළේ මම කළේ electronic assamble කරපු එක එහෙම තමයි මම machine හැදුවේ එතනින් පස්සේ තමයි මම අනිත් ව්‍යාපාර පටන් ගත්තේ.....''

✿මේ වෙනකොට ඔබතුමාට ව්‍යාපාර කීයක් තියෙනවද ලංකාවෙ....? ''250ක් විතර තියෙනවා ලංකාවේ....''

✿සේවකයින්.....? ''ලංකාවේ සේවකයින් ඉන්නවා පනස්අටදාහක්,අනිත් රටවල් වල දෙදහක් විතර ඉන්නවා....''

✿පොදුවේ ගත්තහම ක්ෂෙත්‍ර කීයකට ඔබතුමා නායකත්වය ලබා දෙනවාද....? ''අපි ක්ෂේත්‍ර 16 විතර ඉන්නවා.....''

✿වැඩ සටහන පටන් ගද්දි මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ කොරෝනා එක්කනේ අපි ජීවත් වෙන්නේ දැන් හිතන්නේ මේ වෙලාවේ සාමාන්‍ය පුද්ගලයෙක් ගාව තියෙනවා රුපියල් ලක්ෂ විස්සක් ඔහු කළ යුත්තේ මේ සල්ලි තමන් ළඟ තියාගන්න එකද දිගටම නැත්තං බැංකුවේ දාන එකද,එහෙමත් නැතිනම් ලක්ෂ විස්සකට විතර පර්චස් කීපයක් ටිකක් ඈතින් ගන්න පුලුවන්නෙ ඒ වගේ ඉඩමකට ආයෝජනය කරන එකක්ද....?

''මෙහෙමයි දැන් ඒක මේ අපි කතා කතා කරන්නේ මුලු ලංකාවටම නේ ලංකාවේ ඉන්න කෙනෙක්ට ලක්ෂ විස්සක් තිබුනොත් කියලා කියන category එකටනේ මම උත්තර දෙන්න ඕනේ එතකොට සමහරක් අයට තමන්ගේ background එකත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ ලක්ෂ විස්සක් තිබිලා ඉදිරියේ දී එයාට පේනවා නම් තව සල්ලි එන්න තියෙනවා කියලා එයාට ගේක අවශ්‍යතාවයක් තියෙනව නම් තමන්ගේ age එක අනුව මට කියන්න පුළුවන් අන්න ඒක තමයි හොඳම කියලා හැබැයි සමහරක් අයට ඉදිරියේදී පේන්නේ නැත්තං මට තව සල්ලි එයි කියලා එතකොට ඇත්තටම බැංකුවක වගේ දාන එක හොඳයි අඩුමගානේ සල්ලි ටික security එකක් හැටියට තියෙනවා...

ලක්ෂ 20ක පොලියෙන් ජීවත් වෙන්න බැහැ හැබැයි ලක්ෂ 20 ම නම් තියෙන්නේ එයාගෙ knowledge එක අනුවනේ ඊට පස්සේ මම කිව්වොත් එහෙම ව්‍යාපාරයක් කරන්න කියලා මුකුත්ම නොදැන ගිහිල්ලා ව්‍යාපාරයකට ඒ 20 දැම්මොත් නැති කරගන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම මේක scan කරලා තමයි මේකට උත්තරේ දෙන්න පුළුවන් මොකද එක එක්කෙනා ගාව තියෙන ලක්ෂ 20 වෙනස් ඒ අනුව තමයි උත්තර දෙන්න ඕනේ මොකද මං වගේ කෙනෙක් උත්තරයක් දෙන කොට සමහරක් අය එක පිළිගන්නවා එහෙම පිළියෙල ගෙන මම ආස නෑ එක ළමයෙක් හරි නරකක් සිද්ධ වුණොත් මම එච්චර ඒකට ආස නැහැ....ඒකයි මට මේකට කෙලින් උත්තරයක් දෙන්න බැරි.....''

✿ඔබතුමා ආරම්භයේ දී කිව්වා විශ්වවිද්‍යාලයට යන කොටත් ඔබට ව්‍යාපාරයක් තිබ්බා කියලා 2021 වෙද්දි ඔබට අවුරුදු 18 කියලා හිතන්නකෝ මේ වෙලාවේ ඔබ ආයෝජනය පටන් ගන්නේ කොයි වගේ ව්‍යාපාරයකින්ද....? '

'මගෙ ළඟ මුකුත්ම නැත්තං මට ඉගෙන ගැනීම තියෙනවා නම් මම ටියුෂන් එකකින් පටන් ගන්නවා එතකොට තමන් sell කරන්නේ තමන්ගේ knowledge එක ඉතිං ඒක කරලත් පටන් ගන්න පුළුවන් මොකද අද individual classes වලට හොඳ demand එකක් තියෙනවා මොකද දැන් ඉස්සර වගේ classes පහලවක් විස්සක් කරන්න බැරි නිසා දැන් ඇත්තටම ටීචර්ස්ලා හරිම අඩුයි individual classes වලට උගන්නන්න....''

✿ඔබ social media පාවිච්චි කරනවද....? ''social media මගේ face book account එක තියෙනවා එතකොට ඒක office එකෙන් තමයි handle කරන්නේ හැබැයි මම face book එක use කරනවා some lectures ඔක්කොම facebook වල තියෙන අය ඉන්නවා ඒ වගේ කවුරු හරි කිව්වොත් sir මෙන්න මෙතන මේ වගේ දෙයක් තියෙනවා කියලා ඒ lecture එක මට එවනවා ඒ වගේ දේවල් නිසා face book එක youtube එක අපේ ලොකු research process එකක් තියෙනවා....''

✿ඔබ ලංකාවේ ව්‍යාපාර අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් විදිහට කණ්ඩායමක් එක්ක තමයි ඔබ ඉන්නෙ මම ඒ ප්‍රශ්නේ ඇහුවේ සාමාන්‍යයෙන් දෙමව්පියෝ කියන දෙයක් තමයි අපේ මේ ළමයි ෆෝන් එකේමයි ඉන්නේ කාලේ කනවා හරි අපරාධයක් කොහොමද ඔබතුමා මේක දකින්නේ සාමාන්‍ය තරුණයෙක් ගත්තොත්.....?

''සාමාන්‍ය තරුණයෙක් ගත්තොත් ජාති දෙකයි ද තරුණයෙක් ඉන්න පුළුවන් එකක් තමන්ගේ භාෂාව විතරක් කතා කරන්න පුළුවන් අය ඉන්නවා,සමහරක් අයට ඉංග්‍රීසි පුළුවන් අය ඉන්නවා ඉංග්‍රීසි බැරි එක්කෙනෙක් ඉන්නව නං DP education එකේ english channel එකට ගිහිල්ලා grade six වලින් පටන් ගන්න ඕනේ පටන් අරගෙන grade thirteen වෙනකොට යනකොට ඒ ළමයට ලියන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන් අපි හිතමු මේක දැකලා තමන්ට පුළුවන් ඒ විදිහට පටන් ගන්න මේක කවුරුත් දන්නෙ නැහැනෙ ලොකු එක්කෙනෙක් වුණත් මම මේ grade six එකෙන් පටන් ගන්නවා කියලා කවුරුත් දන්නෙ නැහැ....

ඊට පස්සේ තමයි opportunity එක එන්නේ knowledge එක ගන්න පුළුවන් social media එකේ සමහරක් අය මම දැකලා තියෙන ඉංග්‍රීසි translate කරලා දාලා තියෙනවා හැබැයි knowledge එක තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සමහරක් අය ෆේස්බුක් වගේ ඒවා හොඳ නැහැ කිව්වට වර්ල්ඩ් එකෙ තියෙන ඔක්කොම universities face book තමයි පාවිච්චි කරන්නේ, training programme දුවන්නෙත් face book එකෙන්...එතකොට තමන්ගේ කාලයේ විනෝදාංශයක් විදියටත් ෆේස්බුක් එකේ ඉන්න ඕනේ මේ වගේ තියෙන තත්ත්ව එක තමන්ගේ මනසත් තමන් කැමති තැනක නැවතිලා ඉන්න ඕනේ අර කාලේ කනවා කියන එක අතාරින්න අඩුම තරමේ ඒ කාලෙන් බාගයක්වත් වැය කරලා අර knowledge එක ගන්න පුළුවන්ද කියලා .....

knowledge එක ගන්න මනුස්සයෙක්ට තව කිසිම මනුස්සයෙක්ට කවදාවත් බංකොලොත් කරන්න බැහැ මොකද තමන් ගාව knowledge එක තියෙනවා සමහරක් මිනිස්සු ඉන්න පුළුවන් knowledge එක තියෙනවා අද සල්ලි නැහැ හැබැයි තව අවුරුදු පහකින් හරි මිනිහගේ life එක හොඳ වෙනවා මේ knowledge එක නැති එක්කෙනාට අදත් සල්ලි නැහැ sure එකටම තව පහකිනුත් සල්ලි නැහැ මේක තමයි වෙනස.....මම හැමතිස්සෙම ඉගෙන ගන්න කියලා කියන්නේ ඒකයි....මම මෙතැනට ආවේ ඉගෙනගෙන මිසක් මම කිසිම දවසක luck එකක් beleaver කරන කෙනෙක් නෙවෙයි ඉගෙන ගැනීම ම පමණයි මෙතැනට එන්න හේතුව.....''

✿ඊට අමතරව hardworking කියන දෙයින් ඉදිරියට එන්න පුලුවන්ද....?

''Hardworking කියන කතාවයි මා smartworking කියන කතාවයි දෙකක් තියෙනවා....මම දැකලා තියෙනවා tv interview වලට ඇවිල්ල තියෙනව හොඳටම knowledge එක තියෙන ඒගොල්ලො කාටවත් පඩි ගෙවලා නැහැ life එකේ සමහරක් වෙලාවට ලොකු ලොකු degrees තියෙනවා ගෙදර උයන්නෙත් එයාගේ wife එතකොට ඇවිල්ලා අර සමාජ තියන තියෙන ප්‍රශ්න ගැන ඒගොල්ලො කතා කරනවා අඩුම තරමේ ගෙදර ඉන්න එක මනුස්සයාවත් employee කරගන්න දන්නැති මනුස්සයා ඇවිල්ල දාස්ගනන් ඉන්න ව්‍යාපාර වලට advice කරන්න හදනවා....

අපිට එතකොට තේරෙනවා මේ මිනිහා මොකක්ද මොකක්ද මේ කියන්නේ කියලා ඒ කියන්නේ ඒ දෙක ගැලපෙන්නෙ නැහැ හැබැයි සමාජයට ඒක තේරෙන්නේ නැහැ සමාජ බලන්නේ අරයගෙ අර තියෙන degree එක්ක සමාජයේ හිතනවා මේ මිනිහා කියන එක තමයි හරි ගොඩක් වෙලාවට එතකොට follow කරන්න අර වගේ කියන කතා මම සමාජය දකින්නේ මිනිස්සු ජාති දෙකයි සමහර මිනිස්සු ඉන්නවා උගත් කියන මිනිස්සු මම ඇත්තටම කියන්න ඒගොල්ලන්ට මෝඩයෝ කියලා මොකද ප්‍රශ්නේ විතරයි දන්නේ හැමතිස්සෙම ප්‍රශ්න එළියට දානවා කෝ උත්තරේ මෝඩයෙක් නෙමෙයි නම් එයට උත්තරයක් දෙන්න එපැයි ප්‍රශ්නේ කියලා කියලා යන්න ඔලුවක් තියෙන්න ඕනෙද මාධ්‍යවේදීන් තමයි ප්‍රශ්නය අහන්න ඕන ඇහුවහම උත්තරේ දෙන්න ඕනේ අනිත් පැත්තෙ අද සමාජය ඉන්න කවුද ප්‍රශ්න කිය කිය ඇවිදින මිනිස්සු ටිකක් ඉන්නවා....'' 

✿ඔබතුමා ඒ විදිහට කතා කරද්දී ලංකාවේ දේශපාලනික පක්ෂ හෝ විපක්ෂ ගත්තත් හැමවෙලේම මතු කරන්නේ ප්‍රශ්න ඔවුනුත් මේ ගොඩට වැටෙනවා ද....?

''මම කියන්නේ කියන්නෙ දේශපාලනඥයෝ වෙන්න පුළුවන් ඕනම මනුස්සයෙක් වෙන්න පුළුවන් category දෙකයි එකක් ඥානවන්තයෝ අනිත් එක මෝඩයෝ ඉතින් ඕන මෝඩයෙක් ට පුළුවන් ප්‍රශ්න අහන්න හැබැයි ඥානවන්ත වැඩේ තමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන එක ලෙඩෙක් pation කියලා කියන්නේ ඇයි ලෙඩේ හැදුනහම මිනිහා දොස්තර ද එතකොට මේ ඔක්කොමල ලෙඩ්ඩු ප්‍රශ්න අහන මිනිස්සු ඔක්කොම ලෙඩ්ඩු උත්තර හොයන්න වෙන කාව හරි හොයාගෙන යන්න ඕනේ....මේක තමයි තනිකරම වැරදි concept එක මොකද ඒගොල්ලෝනේ media එකට එන්නේ එතකොට සමාජය හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඇහුවා දැන් හරි....economic කියලා ප්‍රශ්න ඇති කරන මිනිස්සුන්ට මම කියන්නේ ලෙඩ්ඩු කියලා ....

✿පහුගිය දවස් වල අපි දැක්කා රටේ අග්‍රාමාත්‍යවරයාක් වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයා economycrisis එකත් එක්ක සඳහන් කළා ඩොලර් එක මෙහෙම ගියොත් රුපියල 300 දක්වා යන්න පුළුවන් කියලා බාල්දු වෙන්න පුළුවන් කියලා එතුමා ඇවිල්ලා දේශපාලනඥයෙක් සහ ඔබතුමා ව්‍යාපාරිකයෙක් ධනවත් ව්‍යාපාරිකයන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක් ඔබතුමා ව්‍යාපාරිකයෙක් හැටියට මේක දකින්නේ කොහොමද.....?

මම ඇත්තටම ඒ කර කියන්නම් ඇත්තටම ඒ ප්‍රශ්නෙ ඉතුරු කෑල්ල එතුමාගෙන් අහන්න ඕනේ 300 ට යන එක නවත්තන්නෙ කොහොමද දෙසිය ම තියාගන්න පුළුවන් නම් poins දහයක් දෙන්න කියලා ඒක දෙසියෙන් නවත්තගන්න එක නේ යුතුකම අනිත් එක මම එක දෙයක් කියන්නම් මේ රට කියලා කියලා දෙයක් තියෙනවනේ තමන්ගේ දෙමව්පියෝ ඇරුනට පස්සේ රට තමයි ඊළඟට තියෙන්නේ තමන්ගේ මේකට හොඳ නැති දෙයක් වෙන ප්‍රාර්ථනා කරනවා කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට ප්‍රාර්ථනාවක් කරනවා වගේ....මම එය දකින්නේ අන්න ඒ වගේ ....

උත්තර නැතුව ප්‍රශ්න විතරක් කියලා හිනා වෙන්න පුළුවන් නම් අන්න ඒ වගේම කට්ටියක් කියලා මේකට උත්තරයක් තියෙන්න ඕන කාට හරි ....ප්‍රශ්න කියන එක ඕන මනුස්සයෙක්ට කියන්න පුළුවන්.....කෝ උත්තර උත්තර තියෙන ඥානවන්තයා ලඟ....''

✿අවුරුදු හැත්තෑ දෙකක් ම අපිට වුනේ ඕක ද ....?

''ඉතින් නැත්තං fourthousand dollars වල ඉන්නේ නැහැනේ අද fourthousand dollars නැහැ dollara 3600 තියෙන්නේ ඒ 3600න් 2600ක් හැදුවේ 2005 ඉන්දලා ඒ ඉඳල 2014 වෙනකම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොට අනිත් අනිත් දේශපාලනඥයෝ ලොකු ලොකු මිනිස්සු ඔය කතා කරන අය ඉතුරු ඩොලර් 1000 හැදුවේ එතකොට ඒ මනුස්සයා විතරයි ඩොලර් 2600 හදපු එකම මනුස්සයාට ඉන්නේ .....''

✿ඔබ මේකට ඍජු පිළිතුරක් දෙන්න රුපියල බාල්දු වෙලා ඩොලර් එක 300 ට යයිද...?

''මම හිතන්නේ නැහැ .....''

✿එහෙම වුනොත් මේක නවත්තගන්න ඔබතුමාට තියන ප්‍රධාන points මොනවද....?

''ඔයගැන export එකේ ඩොලර් මිලියන දොළොස් දාහෙන් හයසියයක් ගේන්නේ මම 5% ක් ගේන්නේ මම එතකොට අපිට confident එකක් තියෙනවා හැබැයි රට වහලා සම්පූර්ණයෙන් ම රට වැහුවොත් ඉන්ජෙක්ෂන් එක ගහන එක මත තමයි එක තියෙන්නෙ එහෙම වුනොත් ඇරෙන්න මේක මහා ලොකු ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය තාවයක් නැහැ නොදන්න මිනිස්සු .... මම දැක්කා මාධ්‍ය වාර්තා කරනවා ලෝකයේ ප්‍රසිද්ධ මූල්‍ය මුල්‍ය විශ්ලේෂණ සමාගමක් තව අවුරුදු 25 ක් යනකොට ලංකාව ඩොලර් බිලියන 29.6ක් ණය වෙනවා පහුගිය අප්‍රේල් වෙනකොට අපිට තියෙන්නෙ වවිදේශසංචිත ගත්තම ඩොලර් පහකට ආසන්න ප්‍රමාණයක්....?

''ඔයා සෙන්ට්‍රල් බැංකුවේ weekly report එක අරන් බලන්න රුපියල් මිලියන හයදාස් විස්සක් හෝ හතළිහක් ඇත්තේ ඒ කියන්නේ ඩොලර් බිලියන තිහයි සම්පූර්ණම ණය තියෙන්නේ apple company එක ගත්තොත් මාස 3 ක ට ඩොලර් බිලියන 23 ක් සම්පූර්ණ ශුද්ධ ලාභය හදනවා මේවා දකින මටනම් ඩොලර් බිලියන තිහක් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි ඒ කියන්නේ ලෝකෙ apple phone එක විකුණලා ඩොලර් බිලියන විසි තුනක් මාස තුනකට හදන්න පුලුවන්නම් රටක් හැටියට මේ රට ඩොලර් බිලියන තිහක් ණය වුණා කියලා මැරෙන්න ඕනෙද....''

✿ඔබතුමා මෙහෙම කිවුවට සාමාන්‍ය කෙනෙක් මේක දැක්කොත් panic වෙන්න පුළුවන් නේද .....?

''එක මෙහෙමයි තමන්ට සාපේක්ෂවනේ ඒක එතකොට තමයි කල්පනා කරන්න ඕනේ තමන්ට සාපේක්ෂව මේක හිතලා වැඩක් නැහැ මේක රටට සාපේක්ෂව හිතන්න ඕනේ හැම දෙයක්ම තමන්ට සාපේක්ෂවනේ හිතන්නේ රටට සාපේක්ෂව හිතන්න එහෙම නම් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන අය ඉන්න ඕනේ මම කවදාක්වත් ඇවිල්ල අඩල නැහැනේ අඩන්නේ නැහැ ඒකට අවශ්‍යතාවයක් නැහැ මට හොඳ knowledge එකක් තියෙනවා ඩොලර් බිලියන තිහයි තියෙන්නේ ඒ තිහට maximum පොලිය එන්න පුළුවන් ඔයා ගිහිල්ලා බලන්න ගිය අවුරුද්දේ central bank report එකේ මේකට cost වෙලා තියෙන්නෙ තෝ පොයින්ට් 4.55 average intrest cost එක තියෙන්නෙ මේ thirty billion dollars වලට පහයි කියලා ගන්න ලේසි වෙන්න එතකොට පහක් තමයි අවුරුද්දකට ගෙවන්න තියෙන්නෙ එතකොට ඩොලර් බිලියන එක හමාරයි ඒ කියන්නේ බිලියන තුන්සීයයි ඔය 300 නේ ප්‍රශ්නේ ඇත්තටම ඔය බිලියන එකහමාරනේ burn වෙන්නෙ..

.මම ගෙන හය සීයෙන් පන්සියයක් විතර රටට ඉතුරු වෙනවා ඒ කියන්නේ 1/3 ඉතුරු වෙනවා එතනම ඒ වගේ සල්ලිත් එක්ක නොදැන කතා කිරීමෙන් පලක් නැහැ එතකොට මේක manage කරන්න තමයි ඊළඟට තියෙන්නේ ඇත්තටම මේකේ ඉන්ජෙක්සන් ටික ටක් ටක් ගාලා වැදුනොත් එහෙම මම නම් මේ රටේ කිසිම ප්‍රශ්නයක් දකින්නේ හැබැයි ඉන්ජෙක්සන් නොගහ මිනිස්සු මැරිල economy ඒක අන්තිමට යන්න එහෙමත් කරන්න පුළුවන් මට ඒකට responsability එක ගන්න බැහැ හැබැයි ඉන්ජෙක්සන් ටික ගහගත්තොත් දැන් ඇමරිකාවේ ඉන්ජෙක්සන් ටික ගහලා රටවල් ඇරලා තියෙන්නේ ඒ ඉන්ජෙක්ෂන් එකෙන් තමයි තාම මේ වැඩ කරන්නේ කොරෝනා හොඳ වෙලා නෙවෙයි 70%,65% ඉන්ජෙක්ෂන් ගහන්න පුළුවන් නම් රට අරින්න පුළුවන් .....''

✿ඔබ තුමා විශ්වාස කරන විදිහට ඔය කියන 70%,65% ප්‍රමාණය කාලයක් ඇතුළත ප්‍රශ්නය විසඳන්න නම් එන්නත් කරන්න ඕනෙද ලංකාවට....? '

'ඇවිල්ලා කිව්වේ නම් මේ මාස හය ඇතුළත සම්පූර්ණයෙන් සියයට සීයක්ම ගහන්න පුළුවන් කියලා සියයට සීයක් ගහන්න පුළුවන් කිවුව ගමන් මම කරන්නේ ගණන් හදන එක නේ එතකොට ගාන හැදුවහම එන්නත් මිලියන 5ක් මාසෙකට ගේන්න ඕනේ දවස් 25ක් වැඩ කරා කියන්නකො ඉරිදා නැතුව එතකොට දවසකට ලක්ෂ දෙක ගානේ එන්නත් ලැබුණොත් මේ ප්‍රශ්නය ඉවර ට ඉවරයි හැබැයි දවසකට එන්නත් ලක්ෂ දෙකක් එන්නත් කරන්න ඕනේ....එන්නතින් ඉවර කරන්න නම් ....හැබැයි මේක දිගටම ඇද්දොත් හොඳ නැති උත්තරයක් එන්නත් පුළුවන් මම එහෙම දෙයක් හිතන්නේ ම නැහැ මම හිතන්නේ ම මේ මාස හය ඇතුළත මේක කරලා ඉවර කරයි කියලා.....''

✿ඔබතුමා කිව්වනේ ලංකාවේ විදේශ සංචිත පිළිබඳව පහුගිය දවස් වල ලංකාවේ සෑහෙන්න කතාබහකට ලක් උනා නේ තෙල් අර්බුදය එතනදී එක සම්බන්ධ අමාත්‍යවරයා උදය ගම්මන්පිල මහත්මයා පැහැදිලිවම කියනවා අපිට මේ තෙල් ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ ඩොලර් නැති නිසා....?

''නැති කියලා කියන්න කෝ උත්තරේ මොකක්ද උත්තරේ එක හදන්නේ කොහොමද ඉතින් ඒක හැදුවහම ඉවරයි නේ දැන් ඔයා දොස්තර කෙනෙක් ළඟට යනවා දොස්තර කියනවා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා බේත් දෙන්නේ නැහැ එතකොට ඒ දොස්තර ද ඒකට ඔයා කියන්නේ මොකක්ද ඔයා ගිහිල්ලා තියෙන්නේ atendant කෙනෙක් ගාවට...මනුස්සයෙක්ට ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්න ඕනේ ....මගෙ ළඟ PHD කරපු අය ඉන්නවා ඒ අය මම ගන්නේ filter කරලා ප්‍රශ්නය උත්තරේ දෙකම තියෙන අය රැඳෙනවා ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන අය යනවා....අපි ඒ අයව තියාගන්නේ නැහැ කොහොමත්....''

✿යම් හෙයකින් 2025 දී ඔබතුමන්ට රටේ නායකත්වය හම්බවුනොත් එතැන ඉඳලා පටන් ගන්න අවුරුදු පහේ දී මේ ප්‍රශ්නය ප්‍රශ්ණය විසඳාගන්නේ කොහොමද....?

''මම දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැහැ....ඕක කියන්නවත් හොඳ නැති ප්‍රශ්නයක් ඇමරිකාව වගේ රටකට කියන්න පුළුවන් ඒ වගේ රටක ඒ වගේ දෙයක් කියන්න වත් හොඳ නෑ මොකද එතකොට මිනිස්සු හිතනවා ඒක තමයි කියලා ඊට වඩා හොඳයි අපිට ඕනේ කාගෙන් හරි මේ වැඩේ ගන්න නේ අනිත් එක අපි කරන්නෙත් ඒකනෙ අපේ job එකත් ඒකනෙ අපි වැඩ කරන එක නෙවෙයි නේ අපිට ඕනේ කවුරුහරි වැඩ ගන්න පුළුවන් එක්කෙනෙක් එහෙම හිටියොත් මම හිතන්නේ ඒ වැඩ ටික කලහම ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා නේ මොකද අපි වැඩ ගන්න මිසක් කරන්න ලෑස්ති වෙලා නැහැ තමන් පුරුදු වෙච්ච විදිහක් තියනවා නේ.....''

✿පසුගිය ජනාධිපතිවරණයට කලින් ඔබතුමාගේ නමත් කියැවුණා නේද දේශපාලනය සම්බන්ධයෙන්.....?

''එක එක්කෙනා කියනවා එක එක්කෙනා try කරනවා personal ඇවිල්ල කතා කරනවා හැබැයි ඒ එකක්වත් මට ඕන එක නෙවෙයි මට ඕනේ කාට හරි කියල මේ රට හදාගන්න social media වල මේ බනින බැනිල්ල ට කවුරුහරි මේ හරි මේ බැනුම් අහන්න ලෑස්ති වෙන මිනිහෙක් ඉන්න එපැයි මානසිකව දැක්කහම ඔක්කොම upset යනවා මේක ඔයා හිතන්නෙ හොඳ දෙයක්ද....''

✿donald trump ව්‍යාපාරිකයෙක් හැටියට තමයි ජනාධිපති වෙන්නේ ඔබතුමා විශ්වාස කරන්නැද්ද ව්‍යාපාරිකයෙක්ට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා.....?

''මෙහෙමනේ දේශපාලන පක්ෂ main පාටදෙකයි තියෙන්නේ ඒ පාට දෙකේ ඉන්න politician කෙනෙක් හරි ඒ family member කෙනෙකුට ඇරෙන්න හරි එහෙම එන්නෙත් නෑ....එන්න දෙන්නැති කතාවක් නෙවෙයි හරියට දන්න මිනිහෙක් ඇයි එන්න ඕනේ ඒකෙ බලන්නේ තමන්ගේ knowledge එක කාටහරි දීලා මේක බලන්නයි එක තමයි මම මම දන්න knowledge ටික ඔක්කොම අරගෙන මම පොතක් ලිව්වා ඕනනං හැමෝටම බලන්න පුළුවන් dammika perera.lk එකේ තියෙනවා...

ඒකෙ මම රට හදන්න ඕන විදිය ඩොලර් 12000 ගේන්න ඕන විදිහ ඔක්කොම පොතක ලියලා තිබ්බා එහෙම ලියලා තියන්නේ කාට හරි කියල හදවගන්න මට හදන්න ඕන නම් මම ඒක ඇතුලෙ තියාගෙන ඉන්නවා මේක තමයි වෙනස .....ඇයි පොතක් ගහලා අනිත් මිනිස්සුන්ට ගන්න දාන්නෙ තමන්ට ඕන නැති හින්ද නේ නැත්තං එහෙම ඇතුලෙ තියාගෙන හිටියොත් සමහර වෙලාවට මට වුණත් හිතෙනවා මේක මම ඇරෙන්න දන්නෙ නැහැනෙ එතකොට මට ම තමයි මේක හදන්න පුළුවන් මට එහෙම හිතෙන්නේ නැහැ නේ ඒ මගේ පොත තියෙනවා එලියේ පොතේ තමයි මම හිතට ඔක්කොම ටික තියෙන්නේ.....''

✿ඔබතුමා දෛනිකව පුවත්පත් බලනවද.....?

''දැන් මෙහි පුවත්පත් ගත්තොත් ඔක්කොම තියෙන්නෙ negative news ඇයි negative news එකක් උදේ පාන්දර මම ඔළුවේ දාගන්නේ...මම ඒකෙන් ගන්න knowledge එක මොකක්ද සියුම් හරි කේන්තියක් එන්න පුලුවන්නෙ මම දන්න දේ අනිත් මිනිහා වැරදි විදිහට අර්ථකථනයක් කරලා තියෙනවා තමන් දැනගත්තට පස්සේ ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ central bank weekly report එක මම දන්නවා එතකොට මං මොකටද තව කාගෙන්වත් බලන්නේ ණය ටික ඔහොමම කියන්නං ඕනේ නම්....ඉතිං ඕවා දැකලා උඩ පැනගෙන ලේ රත් කරගන්න ඕනෙ නැහැ....''

✿සාමාන්‍යයෙන් ඔබතුමා ගුවන් විදුලි රූපවාහිනි ගත්තොත් ඒ උත්තරේම ද දෙන්නේ ....?

''ඇත්තම කියන්න එපැයි මේක බැලීමෙන් ගන්න තියෙන knowledge එක මොකක්ද ඒක මට entertaitment එකක් බැලිය යුතුමයි entertaitment එකක් නොවී මම ඒක knowledge එක සඳහා බලනවනං knowledge එකෙන් එකෙන් ගන්න දෙයක් තිබිය යුතුමයි ගන්න දෙයක් නැත්තං නොබැලිය යුතුමයි...''

✿ඔබතුමා ඒ වගේ වැඩසටහන් තියෙනවද රූපවාහිනියෙ කලින් බලපු හෝ දැන් බලන....?

''මම ඇත්තටම drama තමයි දැන් බලන්න ආස....''

✿මොකක්ද බලපු කැමතිම මතකයට එන drama එක...?

''ලෝකයේ කොහේ ගියත් drama බලන එක තමයි මම කරන්නේ....family එකත් එක්ක ගියොත් ඒක තමයි කරන්නෙ මොකද ඒ ගොල්ලන්ටත් ලංකාවේ හරි drama එකක් කියලා එකක් නෑනේ බලන්න ඒගොල්ලන්ට....ලෝකෙ කොහේ හරි ගියොත් ඒ රටේ තියෙන ඒවා බලන්න වෙලාව දා ගන්නවා..''

✿ලංකාවේ ආසාවෙන් බලපු drama එකක් නැද්ද...?

''තාරාවෝ ඉගිලෙති ඒ වගේ මම බලපුවා තියෙනවා...මෑත කාලයේ එහෙම බලන්න එකක් නැහැ....''

✿ඔබතුමා කිව්වා කලින් ව්‍යාපාර ක්ෂේත්‍ර දාසයක විතර ආයෝජනය කරලා තිබුණා කියලා ඔබතුමා මාධ්‍ය ආයතනයකට ආයෝජනය කරන්නේ හෝ ආයතනයක් පටන් ගන්නෙ නැත්තෙ.....?

''මෙහෙමනේ මේ රටේ ඉන්නේ මිලියන විසි දෙකයි ඔයා දැන් මාධ්‍ය ආයතනය පැත්තකින් තියන්නකො ලස්සන චිත්‍රපටියක් හරි හදාගන්න බැරි ඇයි ලක්ශ පනහකට විතර වියදම් කලොත් චිත්‍රපටියක් හැදුවොත් පාඩුයි සාමාන්‍යයෙන් හොඳ චිත්‍රපටයක් හදනවා නං අද ලක්ෂ පන්සීයක් විතර යනවා ඒ වගේ දැම්මොත් අර මිනිහා බංකොලොත් වෙනවා නේ ඒ නිසා කවුරු චිත්‍රපටයක් හදන්නේ නැහැ සිංහල සිනමාවට වෙලා තියෙන්නෙ දැන් ඒකයි....මිලියන විසි දෙකක් වගේ ඉන්න තැනක සිනමාව කරන්නත් බෑ media එකක් ලොකුවට කරන්න බැහැ මොකද මේකෙ තියෙන income එකයි ඔක්කොම බැලුවහම එච්චරම ලොකු නැහැ....''

✿ඔබවගෙ ව්‍යාපාරිකයෙක්ට දේශපාලනික පැත්තෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද මාධ්‍ය ආයතනයක හිමිකාරිත්වය ලබා ගත්තොත්....?

''මුල ඉදලම අපේ bussiness වල මාධ්‍ය කියන දේ තිබුනෙම නැහැ මම සේරම ගණන් හදලා තමයි කතා කරන්නේ එහෙම හැදුවහාම මේක හොඳ පැත්තට නෙමේ නරක පැත්තටයි යන්නේ එතකොට ඉතින් කරන්නේ නැහැනෙ.....''

✿ඔබතුමා දැන් ඒ වගේ අත තියන්නේ නැති අනිත් ව්‍යාපාර මොනවද....?

''මම education එක bussiness එකක් කර ගන්නේ නැහැ සම්පූර්ණයෙන්ම education ගත්තොත් මම කරන්නේ intention එකම ළමයින්ට උගන්නන්න ඕනේ මට සත සත පහක් වත් එන්නෙ නැතුව හොඳම උදාහරණය විදිහට බලන්න dp education youtube channel එකට යන්න ළමයාට disturb වෙන හින්දා file එකට advertisment එන්න දෙන්නේ නැහැ youtube එක private channel එකක් විදිහට තමයි තියලා තියෙන්නෙ ....එහෙම මට තමයි දේවි බාලිකා එකට මම සල්ලි දීලා තව ඉස්කෝලයක් හදන්න ගියාම ඒ හදන්න හදපු ඉස්කෝලේ size එක දේවි බාලිකා එක වගේ දෙකක් ඒ කියන්නේ A/L additional classes දාන්න හැදුවේ ළමයි 2200 දේවි බාලිකා එකේ ළමයි ඒ ලෙවල් කරලා පිටවෙන්නෙ 550 එතකොට අපි 2,200 ක ඉස්කෝලයක් හදන්න හැදුවේ මට ඕනකම තිබුණේ අර වගේ සල්ලි ප්‍රමාණයකින් දෙගුණක effect එකක් ගන්නඑහෙම දෙයක් කරන්න ඕන නම් කරන්න ඕනනේ..

.එතකොට මොකක්ද media එකෙන් කළේ මම ඉඩම ගන්න යනවා කියලා කිව්වේ..... තමන්ට සාපේක්ෂව තමයි තමන් පින් කරන්නේ එතකොට අනිත් එක්කෙනාට සාපේක්ෂව හිතනවා මේක ලොකු ගේමක් තියෙනවා කියලා හැබැයි මට සාපේක්ෂව එහෙම ගේමක් නැහැ ඒක සාපේක්ෂව මගේ කට්ටිය ගිහිල්ලා පන්සල් වල ගිහින් පින් කරනව වගේ ඊට සාපේක්ෂව ඉස්කෝලයක් එකක් හදන එක...පන්සල් වල ඇයි යකඩ පිං පෙට්ටි තියලා තියෙන්නෙ සමහරක් අයට සල්ලි දැම්මහම සද්දයක් ඇහෙන්න ඕන එතකොට තමයි අනිත් අය බලන්නේ අරය අරකට සල්ලි දානකොට ඒකට තමයි පන්සල් වල යකඩ වලින් පිං පෙට්ටි හදලා තියෙන්නේ ඒ මනස සුවපත් කරන්න ඒ වගේ මනසකින් මේක දිහා බැලුවොත් එතන හිතනවා මෙතන ලොකු ගේමක් තියෙනවා කියලා ඇත්නම් පන්සල්වල දැකලා තියෙනවද පින් පෙට්ටි ලී වලින් හදලා තියෙනවා...

සල්ලි දැම්මත් එකෙන් සද්දයක් බලාපොරොත්තු වෙනවා එහෙම මිනිස්සු ඉන්න සමාජයක මම වගේ කෙනෙක්ට අර වගේ දෙයක් කියන එක සමහරක් වෙලාවට සාධාරණයි මේ කිසිදේකට මම worry වෙන්නේ නැහැ මට අයිති නැති දෙයක් නම් මට හිතිලා වත් නැති දෙයක් නම් ඒක කොහොමද මට අයිති වෙන්නේ ඔයාට හිතෙන් නැති දෙයක් කවුරු හරි කියනවා ඉතින් කොහොමද එක බාර ගන්නේ....මගේ හිත ඇතුලෙ තියෙන දෙයක කවුරු හරි කිව්වොත් මේ ගැන worry වෙන්න ඕනේ මට එහෙම එකක් නැහැ....''

✿මේක මතයක් වෙන්න පුළුවන් සමහර විට ලෝකෙ ඉහළ පෙළේ ධනවත්ම ව්‍යාපාරිකයන් ඔවුන් අතින් ඩොලර් සීයක් මග වැටුනත් ඔවුන් එක අහුලන්න යන්නේ නැහැ ඒ මොකද ඒ අහුලන වෙලාවේ ඔවුන්ට ඊට වඩා මුදල් ප්‍රමාණයක් හොයන්න පුළුවන් කියලා ඔබ ලංකාවේ ඉන්න සාර්ථකම ධනවත්ම ව්‍යාපාරිකයෙක් ඔබට සාපේක්ෂව....?

''මම නම් සත පනහක් වැටුනත් සත පනහ උවමනා කමට නෙමෙයි හැබැයි නැවිලා මම ඒක ගන්නවා මුදල කියන එකට තමා respect කරන්න ඕනේ ඔයා හිතනවද respect කරන්නේ නැත්නම් මුදලකට ඒ මුදල් කියන ඒවා තමන් ළඟට එයි කියලා ඔයා හිතනවද respect කරන්න නැති කිසි දෙයක් තමන් ළඟට එන්නේ නැහැ ඒක වටිනාකමක් නොවෙන්න පුළුවන් සත පනහ වටින් නැති වෙන්න පුළුවන් ඒත් මම දැකලා තියෙනවා සමහර මිනිස්සු සත පනහට පයින් ගහනවා මම නං එහෙම කරන්නෑ මම සත විසිපහක් වැටුනත් නැවෙන්න විතරනේ තියෙන්නේ නැවිලා අරගෙන ඒක ගත්තහම ඉවරයි නේ ......

කාට හරි සල්ලි කිවුවහම සත පනහ සල්ලි නෙවෙයි ලොකු සල්ලි තමයි සල්ලි කියලා මම වගේ එකට සල්ලි කිවුවහම සත 50 ත් එකයි අන්තිමට බිංදු කීයක් ආවත් එකයි ඔය දෙකේ වෙනසක් දකින්නේ නැහැ මම.....අද වෙනකොට ඉංග්‍රීසි දන්නැතුව ඔෆිස් එකක වැඩ කරන්න බෑ ඔෆිස් එක වත් වැඩ කරන්න කැමති නැති අම්මලා තාත්තලා තමයි ඉංග්‍රීසි ඕනෙ නෑ කියලා හිතන්නේ ලොකුම රෝහලේ 27% ක් විතර අරගෙන තියෙනවා මම යන හින්දා බේත් ගන්න .....''

✿ඇත්තටම ධනවත්ම ව්‍යාපාරිකයා කියන තැනට ආවට පස්සෙ ඒ feeling එක කොහොමද...?

''එක වැඩසටහන මුල ඉඳල අන්තිමට කියවන්න චුට්ටක් කියවලා comment එකක් දාලා මාරු වෙනවා එකෙන් වෙන්නේ සමාජයට ඉගෙනගන්න ඕන ඉගෙන ගන්න ඔන මිනිහෙක්ට හරි මේ වගේ වැඩසටහනක් බලලා ඉගෙනගන්න ඕන මනුස්සයෙක්ට ඉගෙනගන්න එක නැති කරන එක....අද තියෙන latest project එක කරනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ...''

✿මේ corona බලපෑවේ පොඩි මිනිස්සුන්ට විතරයි ද ....?

''මම ව්‍යාපාරිකයෙක් හැටියට පින් කරන්න smart විදිහට ඇත්තම කිව්වොත් ලොකු දුවව අපිට ආසාවක් තිබුණා රජයේ පාසලකට දාන්න.....තමන්ගේ ළමයට හොඳට උගන්නන්න ඒ ළමයා හොඳට පාස්පෝට් එකක් හදාගෙන රට යයි රට හොඳ නැති නම්....corona virus එක මීට කලින් හය පාරක් ඇවිල්ල තියෙනව....''

සාකච්ඡාව- ළහිරු මුදලිගේ



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now