පැය 05ක් තුළ ලෝක භූමි ප්‍රමාණයෙන් අඩක් ආවරණය කිරීමේ විශ්මිත හැකියාවක් ශ්‍රී ලංකාවට.

Sri Lanka
By Thaya Mar 26, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

චීනය, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් ලොව ආර්ථික කුණාටුවලට සාර්ථකව මුහුණ දෙන්නේ ඔවුන් අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත සිය රටවලට ආකර්ෂණය කරගෙන ඇති නිසා බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව ද එවැනි අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට නම් එම දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක් කඩිනමින් නිර්මාණය කළ යුතු බවත් එහි මුල් පියවර ලෙස දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ (25) කඩුවෙල මහනගර සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එක්ව ඇරඹූ පරිගණක තාක්ෂණ පුහුණු පාසල විවෘත කිරීමෙන් අනතුරුව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අද ලෝකයේ තිබෙන බල ගැටුම් අනුව ඇමරිකා එක්සත් ජනපදය, ජපානය ඇතුළු වෙනත් බොහෝ රටවල චීනය තුළ ස්ථාපිත කර තිබූ අධි තාක්ෂණික කර්මාන්ත බොහෝමයක් චීනයෙන් ඉවත් කරගෙන වෙනත් රටවල් කරා රැගෙන යමින් තිබෙනවා. ඇමරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන වෙළඳ ගැටුම හේතුවෙන් චීනය තුළ ස්ථාපිතව තිබූ අධි තාක්ෂණික කර්මාන්ත වියට්නාමයට හෝ වෙනත් රටවලට රැගෙන යාමට ඇමරිකාව පෙළඹී තිබෙනවා. ඒ අධි තාක්ෂණික කර්මාන්ත අපේ රටට ආකර්ෂණය කර ගැනීමට තිබෙන විශාලතම බාධාව තමයි ඒ අධි තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ප්‍රජාවක් අපි ගොඩනඟාගෙන නැතිකම. එවැනි පරපුරක් නිර්මාණය කරගෙන තිබුණා නම් ඉහත වෙළඳ ගැටුම හේතුවෙන් ඇති වන නව අවකාශය අත්පත් කර ගැනීමේ අවස්ථාව අපේ රටට ඕනෑවටත් වඩා තිබෙනවා.