22 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්
young man
Drons and dissapears
By Sithumi
අම්බලන්තොට ගොඩවාය ධීවර වරාය පිහිටි මුහුදු තිරයේ අද (19) පස්වරු 1ට පමණ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන් වී තිබේ.
එසේ දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරිදු තරංග රත්නායක නමැති තරුණයෙකි.
දියේ ගිලී අතුරුදන් වූ තරුණයා තවත් සහෝදරයින් දෙදෙනෙකු සමඟ මුහුදේ දියනෑමට ගොස් සිටියදී මෙසේ අතුරුදන්වී ඇතැයි අම්බලන්තොට පොලීසිය සඳහන් කළේය. අතුරුදන්වූ තරුණයාගේ සිරුර සොයා මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |