කොරෝනා වලට විසඳුමක් දුන්න අපූරු පාසලක්.. අන්අයට ආදර්ශයක්.

Education Galle
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Report

කොරෝනා අවදානම පවතින මෙම සමයේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමද අභියෝගයක් වී තිබෙනවා.

එවන් පසුබිමක දැඩි සෞඛ්‍ය රැකවල් මැද දරුවන් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් සැපයූ ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පාසලක් පිළිබද තොරතුරු වාර්තා වුණා.

මේ අනුව දරුවන්ට බියකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට මෙම පහසුකම සලසා තිබුණේ ගාල්ල, යක්කලමුල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන්, මව්පියන්ගේ හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලින්.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඩෙස් බංකු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයකට සකස් කර පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යන බවයි ගාල්ල, යක්කලමුල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි මාලා මංගලිකා සේරසිංහ පතිරණ මහතා සදහන් කළේ.

එහි ඡායාරූප පහතින් දැක්වේ.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery