O/L සිසුන්ට අනතුරු ඇඟවීමක්...අවධානයෙන් සිටින්න.

Education
By Thaya Mar 08, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි. එළඹෙන 10 වන දින සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමට නියමිතය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන්වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවලදී හෝ එම පරිශ්‍ර තුළදී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවය. ඒ අනුව විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට ද කටයුතු කළ හැකි බව ඉන් අවධාරණය කරයි.


Gallery
ReeCha