රාජ්‍ය ආයතනයන්ට අනතුරු ඇඟවීමක්.

Covid Corona government-agencie
By Aruna Apr 30, 2021 04:35 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය ආයතන සියල්ලම ඉදිරි දින කීපය තුළදී ආසාදිතයන් සිටින ස්ථාන බවට පත්වීම අනිවාර්ය යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් මේ වන විට සමාජයේ සැරිසරන බැවින් ඔවුන් රාජ්‍ය ආයතන කරා විවිධ සේවා ඉටුකර ගැනීමට පැමිණෙන බැවින් රාජ්‍ය ආයතන තුළට වයිරසය පැතිරීම වැළැක්විය නොහැකි යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වාදේ.

කෙසේ නමුත් ඉදිරි දින කීපය තුළ ආසාදිතයන් 1000 බැගින් නොකඩවා වාර්තා වන්නේ නම් කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහෙන බවත් මරණ සංඛ්‍යාව ද ඉතා සීග්‍රයෙන් ඉහළ යෑම සිදුවන බවත් ඔහු දැඩිලෙස අවධාරණය කළේය.

මේ මොහොතේදී රට වසා දැමීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා මේ වන විටත් රටේ විවිධ ප්‍රදේශ වසා දමමින් සිදුවන්නේ අවසානයේදී රටම වසා දැමීමක් යැයි ද ඔහු සඳහන් කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa