සරසවි සිසුවෙකුට කොරෝනා නිසා ගම්මානයක්, මාර්ග 06 ක් වසාදමයි.

Covid-19 Education Jaffna
By Thaya Jan 06, 2021 04:50 PM GMT
Thaya

Thaya

Report

වවුනියාවේ පදිංචි සරසවි සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වවුනියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි අදාල සරසවි සිසුවා කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයට ගිය අවස්ථාවේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණයකදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත

ඔහුගේ පවුලේ සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කොට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්ගෙන් සිසුවාගේ 28 හැවිරිදි වැඩිමල් සහෝදරියටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් අදාල සිසුවා පදිංචි වව්නියාව පට්ටානිචූර් පළමු වන පටුමග ඇතුලු දෙවන, තුන්වන, සව්වන, පස්වන සහ හයවන පටුමග යන මාර්ගයන්ට සංචරණ සීමා පනවා ඇත.

ප්‍රදේශවාසීන් සංචරනය කරන ලද පට්ටෙයිකාඩු, වේප්පම්කුලම් ප්‍රදේශයන්හි වැසියන් දහසකට අධික පිරිසක් ඔවුගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට යොමු කර ඇති අතර අදාල සිසුවා සහ පවුලේ ඥාතීන් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කොට ඇත බව වාර්තා වේ.

ReeCha