මියගිය තවත් කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසයි(PHOTOS)

colombo moratuwa death turtle egoda uyana Anura Kalansooriya
By Sewvandhi Jun 03, 2021 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මොරටුව එගොඩ උයන පොල්වත්ත වෙරළ තීරයට ගොඩ ගසා තිබූ කැස්බෑවෙකුගේ මළ සිරුරක් (3) අලුයම සොයා ගත් බව පොලිසිය පවසනවා.

කැස්බෑවාගේ කුස ප්‍රදේශය තුවාල වී ඇති ආකාරය දක්නට ඇත හිසද ගල් වල වැදී තුවාල වී ඇති අයුරු දක්නට තිබෙනවා. මේ වන විට එම ස්ථානයට කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර සම්බන්ධිකාරක අනුර කලංසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ ඇති අතර වනජීවී කාර්යාලය වෙත මෙම කැස්බෑ මළ සිරුර ගැන දන්වා යවා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම කැස්බෑවාද මිය යන්නට ඇති බවට සැක කරන අතර මීට පෙරද එගොඩඋයනට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery