මීට කලින් මෙහෙම දැකලා තියෙනව ද?. අමුතුම ඇඳුමකින් සැරසී පාරට බැස්ස පොලීසිය.. (VIDEO)

Sri Lanka Police Latest Headlines
By krishani Mar 30, 2024 05:36 PM GMT
krishani

krishani

Report

අද (30) මහියංගනය මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසල දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රථවාහන පරීක්ෂා කිරීම්වල නිතර වී තිබිණ.

මීට කලින් මෙහෙම දැකලා තියෙනව ද?. අමුතුම ඇඳුමකින් සැරසී පාරට බැස්ස පොලීසිය.. (VIDEO) | A Traffic Check At Mahiyanganaya

ඒ ජනතාව සාමාන්‍යයයෙන් දැක නැති ආකාරයේ ඇඳුමකින් සැරසී මාර්ගයට පැමිණීමෙන් ය.

එම විශේෂ රථවාහන සෝදිසිය අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා ක්‍රියාත්මක විය.

මෙලෙස එක්ව තිබුණේ මහියංගනය මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන් 240ක් "යුක්තිය" මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රථවාහන සහ මහජනයා පරික්ෂාව සඳහා ය.

හෙට ආරක්ෂාව දැඩි කරයි.. - පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

හෙට ආරක්ෂාව දැඩි කරයි.. - පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


මෙම පරීක්ෂාවන් රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබොර හංදිය යන ස්ථාන 06ක දී සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙහි අරමුණ වී ඇත්තේ අදාළ ආධුනික පොලිස් නිලධාරීන්ට පරීක්ෂා කිරීම් පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම බව සඳහන් වේ.   

වීඩියෝ දර්ශන - Ada Derana