භික්ෂුවකගේ වෙස් ගත් ‘සැක කටයුතු අයෙක්’ කහල්ල රක්ෂිතයකට පලා ගිහින්

police suspicious Monk Reserve gahagolla
By Sewvandhi Apr 17, 2021 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (17) දහවල් කාලයේ මීගලෑව රැස් වෙහෙර රජමහා විහාරයට බෞද්ධ භික්ෂුන් වහන්සේනමකගේ වෙස් ගත් සැක කටයුතු පුද්ගලයෙක් පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම පුද්ගලයා පිළිබඳ සැක සිතු විහාරාධිපති හිමියන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී කහල්ල රක්ෂිතයට පලා ගොස් ඇති බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඊයේ සිට මේ දක්වා කාලය තුළ මෙම පුද්ගලයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර ඇති අතර මේ දක්වා ඔහුව සොයා ගැනීමට හැකි වී නැහැ.

ඒ අනුව මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071 8591287 අංකයට දැනුම් දෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුටටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.