දිවයින පුරා පවතින ඌන උපයෝජිත ඉඩම් පිළිබඳ සමීක්ෂණයක්.

Land
By Thaya Feb 20, 2021 06:00 PM GMT
Thaya

Thaya

Report

දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙන ඌන උපයෝජිත ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉඩම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ආර්.එම්.කේ.කේ. රණවක මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කරන බවයි. අප්‍රේල් 30වැනි දා දක්වා මෙම සමීක්ෂණය පැවැත්වෙන අතර එහිදී ලබා ගන්නා තොරතුරු අනුව දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙන ඌන උපයෝජිත ඉඩම් හඳුනා ගැනීමට අපේක්ෂා කරන බව ලේකම්වරයා පැවසීය. ඔහු පැවසුවේ එලෙස හඳුනා ගන්නා ඌන උපයෝජිත ඉඩම් රටේ සංවර්ධනයට යොදා ගන්නා ආකරය සම්බන්ධයෙන් මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මත තීරණය කරන බවයි.