දෙබරවැව ප්‍රදේශයෙන් ගංජා තොගයක් අත්අඩංගුවට ...

Cannabis
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදි රුපියල් ලක්ෂ හතක් වටිනා ගංජා තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ගංජා තොගයේ ගංජා කිලෝග්‍රැම් 20 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. මෙම වැටලිමේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවු 35 සහ 46 යන වයස් වල පසුවන තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයින් බවට හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (26) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා එක් සැකකරුවෙකු මාර්තු 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර අනෙක් සැකකරු ට රු 4000/= දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට තිබේ.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධිකාරි සමන්ත කොස්තා මහතාගේ අධීක්ෂණය මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති සුරාබදු පරික්ෂක ජානක ඩයස් මහතාගේ මෙහෙයවිමෙන් සුරාබදු පරික්ෂක එන්.ජේ.රණවිර, නියාමකවරුන් වන 673 නිශාන්ත රත්නායක, 827 ටි. චමින්ද , 897 නුගේතැන්න, 906 මානවඩු , 1101 අල්විස්, 1176 කුමාර සහ සුරාබදු රියදුරු දිල්රුක් යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.