සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට විශේෂ පණිවිඩයක්

Education
By Thaya Feb 22, 2021 07:16 PM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. ඒ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් විශේෂ පහසුකමක් සලසා දෙමින්.ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේ වෙතත්, පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරයා මගින් ද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින් ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතුව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.