රථ වාහන රියදුරන්ට විශේෂ පණිවුඩයක්..

Motorist
By Thaya Apr 02, 2021 08:21 PM GMT
Thaya

Thaya

Report

මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඊයේ (01 වැනිදා) පැවසීය. කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් පැවතීම හා කාර්යාලවල කටයුතු සීමා කර තිබීම පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇතැයි ද මීට අදාළ ගැසට් නිවේදනයට ප්‍රවාහන ඇමැතිවරයා අත්සන් තබා ඇතැයිද හෙතෙම කීවේය. වසංගත තත්ත්වය නිසා අවස්ථා කිහිපයකදීම රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කළ බවත් මෙය බොහෝ විට අවසන් අවස්ථාව වනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.