බදු ආදායමේ කැපී පෙනෙන වැඩි වීමක්
2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වනවා.
2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු. බිලියන 1,218.07 ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලියන 1,454.67 ක් දක්වා, රු. බිලියන 236.60 කින් වැඩි වී තිබෙනවා.
මෙය 19.42%ක වර්ධනයකි.
මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී ඇත්තේ එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන්.
එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි.
මේ අතර 2025 පළමු මාස 04 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රු. බිලියන 532.73 ක ධන අගයයක් වාර්තා කරන අතර සමස්ත අයවැය හිඟය රු. බිලියන 261.61 ක් ලෙසින් සටහන්ව තිබෙනවා.