ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී නැවක් අනතුරකට පත්වෙයි

Ship Crash
By Thaya Jan 23, 2021 07:26 PM GMT
Thaya

Thaya

Report

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් කුඩා රාවණා කොටුව ආසන්න මෙරට ගිණිකොණ දිග මුහුදි ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ලයිබිරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු යුරෝ සන් නැමැති යත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය වරාය දක්වා යාත්‍රා කරමින් තිබිය දී එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වනවිට නාවික හමුදා යාත්‍රා කිහිපයක් අදාළ ස්ථානයට යොමුකර ඇති බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.