ඒකක 08 ඉක්මවූ දරුණු භූමිකම්පාවක්...සුනාමි අනතුරු ඇඟවයි..ජනතාවට විශේෂ දැනුම් දීමක්.

Weather
By Thaya Mar 05, 2021 07:37 PM GMT
Thaya

Thaya

Report

නවසීලන්තයට මේ වන විට අද තුන්වන වතාවටත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා , මෙම තුන්වන භූමිකම්පාව ඒකක 8.1 ක දරුණු භූමිකම්පාවක් , මෙය සිදුව ඇත්තේ කෙමඩෙක් දුපත් ප්‍රදේශයේ, මේ වන විට එම කලාපයට සුනාමි අනතුරු හැඟවීම් නිකුත් කර ඇති අතර පහත ප්‍රදේශ වල සිටින ජනතවට වහාම නිවෙස් වලින් ඉවත්ව හැකි තාක් රට තුලට යන ලෙස දන්වා තිබෙනවා , අද සිදුවූ පළමු භූමිකම්පාව ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුක්තවූ අතර දෙවැන්න ඒකක 7.4 ක ප්‍රබලත්වයෙන් යුක්ත වුවා , සාමාන්‍යයෙන් ඒකක 7.0 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හා සසඳන විට ඒකක 8.1 ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක ප්‍රබලත්වය එමෙන් තිස් ගුණයක් , මෙය 2019 වසරේ මැයි මස 26 වැනිදා පේරු රාජ්‍යයේ සිදුවූ ඒකක 8.0 ක ප්‍රබල භුචලනයට පසුව ලොව සිදුවූ දරුණුතම භුචලනයයි.