කොරෝනා හේතුවෙන් මියගිය අය පිළිබඳව හෙළිදරව්වක්..
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ මියගොස් ඇති පුද්ගලයින්ගෙන් 269 දෙනෙකු වයස අවුරුදු 70 ඉක්මවූවන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යමස්ථානය පවසයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.68 බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. මෙරට තුළ මේ දක්වා කොවිඩ් -19 මරණ 579ක් සිදුව ඇති අතර ඉන් 13ක් කොවිඩ් පළමු රැල්ලේ මරණ ලෙස සැලකේ. සෙසු මරණ 566 ඔක්තෝබර් මස 4 වන දිනෙන් පසුව සිදුවූ මරණ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඒ අනුව වයස අවුරුදු 61ත් 70ත් අතර කොවිඩ් -19 මරණ 146ක් වාර්තා වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 25.97ක් බව සඳහන්ය. මීට අමතරව වයස අවුරුදු 51ත් 60ත් අතර මරණ 78ක්, වයස අවුරුදු 41ත් 50ත් අතර මරණ 49ක්, වයස අවුරුදු 31ත් 40ත් අතර මරණ 14ක් මෙරට තුළ සිදුව තිබේ. කෙසේවෙතත් වයස අවුරුදු 10ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් 9 දෙනෙකු කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීම හේතුවෙන් මියගොස් ඇති අතර වයස අවුරුදු 10ට අඩු මරණයක් මෙරටින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.