ලංකාවට එරෙහි යෝජනාවක් 22 වැනිදා ජිනීවා කොමිසමට

Sri Lanka
By Thaya Feb 10, 2021 05:32 PM GMT
Report

පෙබරවාරි 22 වැනි දා ජිනීවාහිදී ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කෙරුණු යෝජනාවක් ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් පහේ කණ්ඩායම තහවුරු කර තිබේ.

ජිනීවාහි බ්‍රිතාන්‍ය නිත්‍ය නියෝජිත ජූලියන් බ්‍රයිට්වයිට් (Julian Brithwaite) විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ගත් තීරණය පිළිබඳ ඊයේ (09 වැනිදා) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරමින් අදාළ වාර්තාව සම්පාදනය කර ඇත්තේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසඩෝනියාව යන රටවල් පහේ කණ්ඩායම විසිනි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළ වාර්තාවක් මෙලෙස සැසිවාරයට ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය නිත්‍ය නියෝජිතවරයා ඊයේ (09 වැනිදා) ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.