කාලගුණයෙන් රතු නිවේදනයක්

Weather
By Thaya Mar 07, 2021 08:55 PM GMT
Thaya

Thaya

Report

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින තුනක කාලය තුල ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් අද පැවසුවා. ඒ අතරින් මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලටගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළ`තර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවර එළිය, බදුල්ල හා යන දිස්ත්‍රික්ක වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද රතු නිවේදන නිකුත් කලා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පසුවගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් ද කෙරුණේ.