ලීසිං සමාගම්වලට රතු එළියක්....අවධානයෙන් සිටින්න.

Leasing
By Thaya Jan 19, 2021 04:56 PM GMT
Thaya

Thaya

Report

පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ට දී ඇති රජයේ සහන නිසි පරිදි ලබා නොදෙන ලීසිං සමාගම් වෙත ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම තරයේ අවවාද කර තිබෙනවා. මෙම සහන ලබා නොදෙන්නේ නම් එම ලීසිං සමාගම් ගැන ජනාධිපතිවරයාට පැමිණිලි කර ඒ වෙනුවෙන් වෙනත් ක්‍රමවේදයක් සකස් කරන බවද ඇමැතිවරයා ලීසිං ආයතන නියෝජිතයන් හමුව් අවධාරණය කර තිබේ.

රජයේ සහන ලබා දීමට නිර්දේශ කර ඇති ලීසිං සමාගම්වල නියෝජිතයන් පසුගියදා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයට කැඳවා මෙම උපදෙස් ලබා දී ඇත්තේ එම සහන නිසි පරිදි ලබා නොදෙන ලීසිං සමාගම් ගැන පෞද්ගලික බස් සංගම් කරන ලද චෝදනාව මතය. රජයේ සහන නිසි පරිදි ලබා නොදෙමින් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින් ලොග් හා මාර්ග බලපත්‍ර සඳහා මුදල් අයකරන බවට නැගෙන චෝදනාව ගැන සොයා බැලීම සඳහා එම අධිකාරීවල පළාත් සභාපතිවරුන් හෙට (20 වැනිදා) කොළඹට කැඳවා තිබේ.

පෞද්ගලික බස් රථ සඳහා ලොක් ෂීට් සඳහා මුදල් අය කිරීම, ලීසිං සහනය ලබා නොදීම, බස් රථ සඳහා 4% පොලි අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් නිසි පරිදි ලබා නොදීම හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් පෞද්ගලික බස් සංගම් වැඩ වර්ජනයකට යන බවට අවධාරණය කර තිබුණි.