පතෝල, වැටකොළු වලින් අධික උෂ්ණත්වයෙන් බේරෙන්න පුළුවන්ද? - මෙන්න මේ දින වලට ගැලපෙන ආහාර වට්ටෝරුව.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi May 06, 2024 12:33 PM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ ශරීරය සිසිල් කරන කොමඩු, දොඩම්, නාරං, තැඹිලි, බාර්ලි, සව් පානය කිරීම ඉතා යෝග්‍ය බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නැදිමාල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනි සංජීවනී සිල්වා මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කර තිබුනේ එක්තරා පුවත්පතකට අදහස් දක්වමින්.

එමෙන්ම මෙම දිනවල වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3ක් පානය කිරීම ඉතා සුදුසු බවත්, දරුවකු ජලය ලීටර් 2ක් පානය කිරීම සුදුසු බවත්, පතෝල, වැටකොළු, කැකිරි, පිපිඤ්ඤා, දියලබු ආහාරයට ගැනීම යෝග්‍ය බවත්, ඇල් ජලයෙන් ස්නානය කිරීම ඉතා යෝග්‍ය බවත් ඇය සඳහන් කරනවා.        

.....................................................

May you Like