මහා පරිමණ පිරමීඩ ජාවාරම් කරුවෙක් අල්ලා ගනී..ඔහුට හසුවූවන්ට මෙන්න දැනුම්දීමක්.

CID - Sri Lanka Police Police spokesman Bandaranaike International Airport
By Aruna Nov 08, 2024 03:00 AM GMT
Aruna

Aruna

Report

කුරුණෑගල ප්‍රදේශයේ පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කකරුවන්ගෙන් රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදීයි.

ලබන සතියේ දිවයින පුරා පාසල් සිසුන්ට දිගු පාසල් නිවාඩුවක්..ලැබෙන දිනය සහ යළි පටන් ගන්න දිනය මෙන්න.

ලබන සතියේ දිවයින පුරා පාසල් සිසුන්ට දිගු පාසල් නිවාඩුවක්..ලැබෙන දිනය සහ යළි පටන් ගන්න දිනය මෙන්න.


ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ , 42 හැවිරිදි මොහුගේ බිරිඳ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

තොරතුරු වාර්තා වන්නේ, ”‍ජෙඩ්සීස් බිස්නස් ස්කූල්”‍ නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500කගෙන් පමණ මොවුන් වංචා කර ඇති බවටයි.

ReeCha