පෙම්වතුන්ගේ දිනයට “ආදරයට පැලයක්” ....

Valentines
By Thaya Feb 11, 2021 02:31 PM GMT
Thaya

Thaya

Report

පෙබරවාරි 14 දිනට යෙදෙන වැලැන්ටයින් දිනය හෙවත් පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් නව රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙන හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ආරම්භ වන මෙම රුක් රෝපණ වැඩ සටහන “ආදරයට පැලයක්” ලෙස නම් කර තිබේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ සටහන යටතේ වීරවිල වැව ඉස්මත්තේ දී මී පැල 5000ක් රෝපණය කෙරේ.

ඒ සඳහා පෙම් යුවළවල් විසින් මෙම මී පැල රෝපණය කරන අතර ඔවුන් අතට පැළ ලබා දීම ප්‍රදේශයේ වයෝවෘද්ධ ගොවි මහතුන් මගින් සිදු කිරීමට කටයුතු යොදා ඇත.පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් රෝපණය කරන මෙම පැල රැක බලා ගැනීමේ වගකීම ද එම පෙම් යුවලවල් මගින් සිදු කිරීමට නියමිතය. මෙම රුක්රෝපණ වැඩ සටහන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.