කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක්

Covid-19
By Thaya Mar 22, 2021 05:07 PM GMT
Report

ඉන්දීය සහ ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක් නිපදවා තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසය ට එරෙහිව එන්නත් වෙනුවට මෙම පෙත්ත ලබාදිය හැකි බව ඔවුන් පවසයි. සතුන් යොදාගෙන මේ සම්බන්ධයෙන් කළ මූලික අත්හදාබැලීම් සාර්ථක බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය. නමුත් එම ප්‍රතිඵල මෙතෙක් විද්‍යා සඟරාවල පළකර නොමැත. එසේම එම නිෂ්පාදනය සම්බන්ධයෙන් මිනිසුන් යොදාගෙන අත්හදාබැලීම් කිරීමට තවත් කලක් ගතවෙතැයි පැවසේ. ඉන්දියාවේ ප්‍රේමාස් බයෝටෙක් සමාගම සහ ඊශ්‍රායලයේ ඕරාමෙඩ් සමගම මෙම පරීක්ෂණ සිදුකරයි.