දැවැන්ත චීන රොකට් කැබැල්ලක් ඉදිරි පැය 24 තුල මහ පොළොවට(VIDEO)

crashed chine rocket colombo university chandhana jayarathnage
By Sewvandhi May 08, 2021 09:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

චීනය විසින් උඩුගුවනට යැවූ දැවැන්ත රොකට් යානයක විශාල කොටසක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට කඩා වැටෙන බව නාසා විද්‍යාඥයන් පවසනවා.

සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදා ගත් ලෝන් මාච් ෆයිව් බී රොකට්ටුවේ ප්‍රධාන කොටසයි මෙලෙස පෘථිවියට කඩා වැටෙන්නේ. එහිදී ටොන් 21ක් බරැති යානයේ ප්‍රධාන කොටස පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත බව නාසා විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත්, එය ගුවනේදී විනාශ වීමට සැලසුමක් නොමැති අතර, රොකට් යානා කොටස කිසිවෙකුට හානි නොවන අන්දමින් පැසිෆික් සාගරයට කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියා.

චීන රොකට් යානා කොටස අද සන්ධ්‍යාවේ හෝ හෙට උදෑසන පෘථිවි වායුගෝලයට ඇතුළුවේයැයි අපේක්ෂා කරන අතර, නිෂ්චිත ගමන් මාර්ගයක් අනුමාන කිරීම දුෂ්කර බව සඳහන්.

මෙය මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටෙන විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලෙකනවා. මෙම චීන රොකට් යානා කොටස ශ්‍රී ලංකාවට කඩා වැටීමේ අවදානමක් පවතී ද ?

ඒ පිළිබඳව අප විමසා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්නගෙන්.

ඔහු කියා සිටියේ එවැනි විශාල අවදානමක් නොමැති බවයි.

  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join Now!