කවුරුත් බලා සිටි චීන රොකට්ටුව කඩා වැටුණ තැන මෙන්න

India Sri lanka Sea China rocket Pasific ocen
By Aruna May 09, 2021 04:25 AM GMT
Report

චිනය විසින් දියත් කරන ලද LONG MARCH-5B නම් රොකට්ටුවේ අවශේෂ කොටස් ශ්‍රී ලංකාව ඉන්දියාවට නිරිත දිග දෙසින් පිහිටි සාගර කළාපයට කඩා වැටුණු බව චීන මාධ්‍ය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් ඇඳ වැටී තිබේ.

මෙම රොකට්ටුව පෘථිවි කක්ෂය මතට ඇතුල්වීමේදී එහි බොහෝ කොටස් දැවී විනාශ වී ඇති බවයි චීන අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර‍ කරවූ රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර ඊයේ (08) එහි කොටසක් පෘථිවියට වැටීමක් සිදුවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තැනීම සඳහා අවශ්‍ය උපකරණ රැගෙන ගිය රොකට්ටුවක කොටසක් මෙලෙස පෘථිවියට කඩා වැටීමට ඇති බවය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now