"..ටොයිලට් එකට ගියත් දෙන්නෙක් දෙපැත්තෙන්.." - කෝටි ගාණක ලොතරැයි සතුට මැද සිදු වූ කඳුළු කතාව. (VIDEO)
අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙක් හට රුපියල් කෝටි හත හමාරක ලොතරැයි දිනුමක් ඇදුණු පුවතක් වාර්තා වේ.
එම දිනුමත් සමග ඔහුව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
එම පිරිස කොටුකර ගැනීමට ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් විය.
අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සිදුවීමට මුහුන දුන් පුද්ගලයා දින දහයක් පුරා ගම්පොළ නිවසක සිරකර තිබෙනවා.
කෙසේ වෙතත්, එම පැහැර ගැනීම සම්බන්ධයෙන් සිව්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අතර ලී මෝල් හිමියෙකු ද වන බව පොලිසිය සඳහන් කළේ ය.
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel