වන්දනා ගමනක් අතර තුර පුද්ගලයෙක් හදිසියේ මියයි...නීති කඩකරමින් ඇවිදපු පිරිස අවධානමේ.

covid-19 corona
By Thaya Dec 25, 2020 11:31 AM GMT
Thaya

Thaya

Report

හෝමාගම ප‍්‍රදේශයේ සිට වන්දනා චාරිකාවක් සඳහා දඹුල්ලට පැමිණි වන්දනා නඩයක සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. 47 හැවිරිදි වියේ පසුවූ හෝමාගම, හල්දෙමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා තවත් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග සෝමාවතිය වැඳපුදා ගැනීම සඳහා පැමිණ තිබුණා. එහෙත්, සෝමාවතිය වැඳපුදා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම පිරිස තන්තිරිමලය පූජා භූමියට ගොස් ඊයේ රාති‍්‍රයේ දඹුල්ල ප‍්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන තිබෙනවා.

එම ලැගුම්හලේදී එම පුද්ගලයා මියගොස් තිබෙනවා. මෘතදේහය සඳහා පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීමට ද නියමිතයි. එම වන්දනා නඩය නිරෝධායන රීතිවලට පටහැනිව කොළඹ ප‍්‍රදේශයෙන් පිටතට පැමිණෙන්නට ඇත්දැයි සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.