රත්නපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 50 ක් වටිනා PCR යන්ත්‍රයක්
“කොවිඩ් වෛරසයට එරෙහිව සටන් කළ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජාතික වීරවරයන්” - ලෙස හදුන්වන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය..
රත්නපුර ශික්ෂණ රෝහලට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති PCR යන්ත්‍රයක අඩුව සපුරාලමින් එකවර කොවිඩ්-19 පරීක්ෂණ 91 පමණ සිදු කළ හැකි රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් ලබාදීම ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර රෝහලේ දී සිදු කළහ.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් දක්වමින් ,මෙම PCR යන්ත්‍රය ලැබීමත් සමග රත්නපුර ශික්ෂණ රෝහල තුළින් සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නංවමින් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
“රත්නපුර රෝහලට PCR යන්ත්‍රය ලබාගැනීමට පළාත් ආණ්ඩුකාර තුමා ලබාදුන් නායකත්වය මම ඉතා අගය කරන අතර ඒ සදහා සහයෝගය ලබාදුන් පළාත් සභාව, ලංකා බැංකුව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුලු සියළු දෙනාට ස්තූතිය පුද කරනවා.”
“රට විවෘත කරමින් කොවිඩ් වෛරසය මර්දනයට අවශ්‍ය තැන් වල දී අවශ්‍ය පියවර ගනිමින්, වෛරසය සමග ජීවත් වන ආකාරය ජනතාවට අවබෝධ කර දෙමින් කටයුතු කළ යුතුව තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු මස සිට මේ වන තෙක් රත්නපුර රෝහල මගින් PCR පරීක්ෂණ සිදු කොට ඇත්තේ පහත රට තේ පර්යේෂණායතනයෙන් සහ සබරගමුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් උපකරණ භාවිතා කරමින්ය. සබරගමුව පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති රත්නපුර දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දි
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලට PCR යන්ත්‍රයක අවශ්‍යතාවය පෙන්වා දිමෙන් පසු රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන බැංකුව ඇතුලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ධන පරිත්‍යාග අනුව මෙම PCR යන්ත්‍රය ලබාගැනීමට හැකිවු බවද ඇමතිතුමිය වැඩි දුරටත් පැවසුවාය.
