කොරෝනා ආසාදිතයින් නිවෙස් තුලම රදවා තැබීමේ අලුත්ම ක්‍රමයක්.

Covid Sri lanka Corona pations Sudarshani fenandupulle Politices
By Aruna May 11, 2021 02:23 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස් වලම රඳවා ප්‍රතිකාර කිරීමේ විශේෂ ක්‍රමයක් ගැන රජය කටයුතු කරමින් සිටී.

ඒ සදහා අවශ්‍ය සෞඛ්‍ය උපදේශන මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව ද කොරෝනා පාලන රාජ්‍ය අමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

ආසාදිතයා නිවස තුළම රඳවා ප්‍රතිකාර කිරීමේදී එම නිවසේ අනෙක් අයට කිසිදු ආකාරයට ආසාදනය නොවන ආකාරයට නිවසේ කොටසක හුදෙකලා කිරීමට මෙහිදී උපදෙස් ලබා දෙන බව ඇමතිවරිය පැවසුවාය.

කොරෝනා රෝගීන් වේගයෙන් ඉහල යාම හේතුවෙන් රෝහල් වල ධාරිතාව අවසන් වන නිසා මෙම පියවර ගත් බව ද ඇය සඳහන් කළාය.

කෙසේ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන් රෝහල්ගත කිරීමට ප්‍රමුඛතාව දෙන බවද ඇය පැවසුවාය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/LHPIzX9LDAv87RoQtrvElF