නව කොරෝනා ප්‍රභේදයක් හඳුනා ගැනේ... ඒ ලක්ෂණය මෙන්න... ඔබටත් මේ ලක්ෂණ තිබේද? අවදානමෙන්....

Corona
By Thaya Jan 19, 2021 04:58 PM GMT
Report

කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘‘කොවිඩ් ටන්’’ යනුවෙන් වයිරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. මෙම වයිරසය මගින් පුද්ගලයාගේ ‘‘දිව’’ ආසාදනයට පත් කරන අතර තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි වේ.

‘‘දිව’’ පුරා මෙවැනි රෝග ලක්ෂණ පැවැතිය හොත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි වන අතර පී.සී.ආර්. පරීක්ෂණයක් කර ගැනීමෙන් මේ බව නිවැරැදිව තහවුරු කර ගත හැකිය.