කෑගල්ලෙන් අලුත් කොරෝනා ප‍්‍රභේදයක්..? ධම්මික පැණි පෝලිම හා සම්බන්ධදැයි සැකයි..

Corona Kegalle
By Thaya Jan 09, 2021 05:50 PM GMT
Thaya

Thaya

Report

කෑගල්ලේ කොරෝනා ආසාදිතයන් වේගෙන් ඉහළ යාම සහ එම ප‍්‍රදේශයේ කොරෝනා නාශක හෙළ ඔසුව ලබා ගැනීමට ජනතාව නිරෝධායන බිඳිමින් දහස් ගණනක් රැස්වීම අතර සබඳතාවයක් ඇත්දැයි සොයා බැලිය යුතුයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ කෑගල්ලේ කොරෝනා ආසාදිත ප්‍රමාණය කුඩා වුවත් එය අවදානම් සහගත තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

කෑගල්ල ප්‍රදේශයෙන් ආසන්න දිනවලදී වාර්තා වන රෝගීන්ගෙන් සැළකියුතු පමාණයක් රෝග ලක්ෂණ සහිතව වාර්තා වී ඇති බවත් ඇතැමුන්ට තද උණ තත්ත්වයක් පවතින බවත් ඒ මහතා පැවසීය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවෙන් නව ප්‍ර වේදයක් ඇති වෙන්නේ දැයි හඳුනා ගැනීමට වහා පරීක්ෂණ කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.