රාජ්‍ය නිලධාරීන් සේවයට කැදවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්.
පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරීන් සේවයට කැදවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් අද නිකුත් කිරීමට නියමිතයි.
එසේම රාජ්‍ය නිලධාරීන් අඛණ්ඩව සේවයට කැදවීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය ද අද සිට අත්හිටුවන බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.
පළමු සහ දෙවන කොරෝනා රැල්ල හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීම, සියයට 50ක් සේවයට කැදවීම සහ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි නිලධාරීන් ගෙන්වීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කෙරුණා.
පසුව කොරෝනා තත්ත්වය ක්‍රමානුකූලව අඩු වෙමින් පැවති වකවානුවක යළි සුපුරුදු පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැදවූ අතර, මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි රාජ්‍ය සේවකයින් ගෙන්වීම යළි සීමා කිරීමට තීරණය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAiXMA