අභිරහස් ඝාතනයක්

Murder
By Thaya Apr 07, 2021 09:26 PM GMT
Thaya

Thaya

Report

ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු එම ස්ථානයේ වැටී සිටින බවට ලද පණිවිඩයක් මත ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි