ආසන 53 ක බස්රථයක් පැදවූ බාල වයස්කරු

Bus
By Thaya Apr 07, 2021 09:27 PM GMT
Report

ආසන 53 යුත් බස් රථයක් පාසල් යන වයසේ දරුවකුට ධාවනයට ඉඩදුන් බස් රථ හිමියකු හා බස් රථය පැදවූ ඔහුගේ පුතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගෙන තිබෙනවා. තම නිවසේ සිට මිද්දෙණිය නගරය දක්වා බාල වයස්කරුවකුට බස් රථයක් පදවාගෙන යෑමට ඉඩ ලබා දීමේ චෝදනාවට බස්හිමියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බස් රථය පදවාගෙන ආ 15 හැවිරිදි ළමයා බස් රථය ද සමග මිද්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියැදුරු බලපත්‍ර සහිත කෙනකු ඉදිරිපත් කළ පසු බස් රථය හා පාසල් දරුවා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා