කොරෝනා මඩින දේශීය ඔසුවක්.. කමිටුවේ අනැමැතියත් ලැබේ.. රට පුරා වෙලදසැල්වලින්

corona herb suppresses
By Thaya Feb 01, 2021 05:38 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය සුවපත් කරන ඖෂධයක් ගාල්ලේ අලුත්වල පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දී ඇත.

එපිරෙපිස් නමින් හඳුන්වා දී ඇති මෙම ඖෂධය සඳහා යුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ද හිමිව තිබේ.

ඇය මීට පෙර ඩෙංගු රෝගය සඳහා ද දේශීය ඖෂධයක් නිපද වූ අතර ඒ සදහා පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇත.

කොරෝනා සඳහා හඳුන්වාදෙන ලද නව ඖෂධය නුදුරේදීම රට පුරා ඖෂධ වෙළඳසැල් වලට යොමු කරන බව ද ඇය සඳහන් කළාය.

නමුත් දැනට විශාල පිරිසකට එකවර ඖෂධ නිකුත් කිරීමේ අපහසුතාව නිසා ඒ ගැන වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවද ඇය කියා සිටී.

මෙම ඖෂධය ඖෂධ අලෙවි සැල්වලට නිකුත් කිරීමට හැකියාව ඇති ලෙස අනුමැතිය දෙමින් සහතික ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.