උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වීම කල් යයි?.. ප්‍රශ්නය තවත් උඩුදුවයි..

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Mar 07, 2023 01:45 AM GMT
Aruna

Aruna

Report

ඉකුත් නිමාවට පත් වූ 2022 අපොස උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු තව දුරටත් ප්‍රමාද වීමේ තත්ත්වයක් පැන නැගී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සහභාගීවන ගුරුවරුන්ගේ දීමනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාගද කල් යා හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha