STF යැයි පවසා නිවසක් කොල්ලකයි...අජිත් රෝහණ ගෙන් ඉල්ලීමක්.
Police
Ajith Rohana
By Thaya
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් ඊයේ (23) උදෑසන නිවසකට ඇතුළු වී ඇති කණ්ඩායමක් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ලකා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් එළෙස කොල්ලකා ඇති බවයි. ඒ, බියගම පොලිස් වසමේ නිවසක ය.
මෙම කණ්ඩායම සිවිල් ඇඳුමින් අදාළ නිවසට ඇතුළු වී තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බියගම පොලීසිය සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත. සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වී තිබේ. පොලිස් නිලධාරීන් හෝ විමර්ශන නිලධාරීන් ලෙස පවසා නිවෙස් කොල්ලකෑම මේ වනවිට අපරාධකරුවන් ප්‍රවණතාවයක් කරගෙන ඇති බවට හඳුනාගෙන ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.