නගරසභාවක උණුසුම් තත්ත්වයක්.

Municipality
By Thaya Jan 13, 2021 06:35 PM GMT
Report

බලන්ගොඩ නගරසභාවේ මාසික රැස්වීමේදී අද (12) දා උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටු ඇති බලන්ගොඩ නගර සභාවේ 2021 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය දෙවතාවක් පරාජය වීමෙන් සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කරන න්‍යාය පත්‍රය පිලිනොගන්නා බවට විපක්ෂ නායක වසන්ත ගුණරතන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමය එහිදී පැවැසුහ.

සභවේ ඇති වු උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව පැයකට කල් තැබීමට කටයුතු කරන බවට සභාපතිවරයා පැවැසීය.