මහා ජාතික ව්‍යවසනයක්.. විශාල පිරිසක් මිය යාවි.. ජනපතිට තීරණාත්මක ලිපියක්…

Covid President Gotabaya rajapakhe Sri lanka docters sosity
By Aruna May 10, 2021 06:11 AM GMT
Aruna

Aruna

Report
 රට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා ජාතික ව්‍යවසනයක් සිදු වනු ඇති බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.


පවතින තත්ත්වය මත ඉදිරි සති කිහිපයේදී සහ ඉන්පසු කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යා හැකි බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.

රෝගය පැතිර යාම ක්ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම්ද ඉදිරියේ දී බරපතළ වනු ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව යන සංගම් විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery