ගොවිපලකින් නිෂ්පාදනාගාරයක් මතුවෙයි?..

Factory
By Thaya Apr 01, 2021 08:28 PM GMT
Thaya

Thaya

Report

තුංගම හිඟුර කදුරුගස්ආර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී ගොවිපලක් තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ දහයක් (10 00 000)වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඇඹිලිපිටිය සුරාබදු නිලධාරීන් ඊයේ(31) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර 528,000 ක්,ගෝඩා මිලි ලීටර 370,000 ක් දගර ,බැරල් ඇතුළු පෙරණ උපකරණ තොගයක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිිංහ මහතා පවසයි. මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව කළ මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරුවකු කොටු කර ගැනීමට හැකිවු බවද සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුව මේ මස 07 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කොට ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි හා සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, සබරගමුව පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ශාමන් රත්නායක මහතාගේ මගපෙන්වීමෙන්, සුරාබදු අධිකාරි පත්මකුමාර මහතාගේ අධික්ෂණය යටතේ , ඇඹිලිපිටිය සුරාබදු ස්ථානාධිපති සරත්චන්ද්‍ර , රත්නපුර සුරාබදු ස්ථානාධිපති සුනිල් පෙරේරා, සුරාබදු පරික්ෂක ප්‍රසාද් මහතා, සුරාබදු සැරයන් 872 අරවින්ද, කෝප්‍රල් 976 අජිත්, 878 නලින්, 974 සමන්ත,1109 මධුර, 1114 ජනක, සු.රි සුදීප යන නිලධාරීන්, රත්නපුර සුරාබදු ස්ථානයේ සුරාබදු සැරයන් 931 ලෝචන, නියාමක සදුන් , රියදුර දුමින්ද යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ..

GalleryGalleryGalleryGallery