තත්වය ඉතා බරපතලයි - ඉදිරි දින කිහිපයේදි රටම හුදෙකලා කිරීමට තීරණයක්?

Covid-19 Lockdown
By Thaya Jan 16, 2021 06:34 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි

එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.