අන්තර්ජාලයේ හුවමාරු වූ වීඩියෝව: නැන්දණියට ගැහුව ලේලි ගුරුවරියක්..අත්අඩංගුවට ගනී (UPDATE)

arrested
By Thaya Jan 12, 2021 11:36 PM GMT
Report

සිය නැන්දණියට අමානුෂික ලෙස පහර දුන් බවට ගම්පොළ වල්ලහගොඩ ප්‍රදේශයේ පාසලක ගුරුවරියක ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගුරුවරිය සිය නැන්දණියට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඒ අනුව ගම්පොළ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇත. එම ගුරුවරිය පළමුව පිහියකින් සිය නැන්දණියට පහරදෙන අයුරු අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝවෙහි දැක්වේ.

පසුව ඇය තම නැන්දණිය තල්ලුකරන අයුරුත් නැන්දණිය බිම වැටෙන ආකාරයත් වීඩියෝවෙහි වෙයි. මීට පෙරත් අවස්ථා කිහිපයකදී නැන්දණිය පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ තාමට ලේලිය පහරදෙන බවයි. ඒ හැම අවස්ථාවකදීම ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න අවවාද කර ලේලිය මුදාහැර තිබේ.