වරු 03න් කොරෝනා සනීප කරන බෙහෙතක්.. ඉදිරියේදී ගංජා සහ උකුසු බිත්තර හිඟක් එයි?..
තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් බවයි.
තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් බවයි. නමුත් මෙම ඖෂධයට බලධාරීන් බාධා කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන් පසුපස ඇති බවත් ඔහු කියා සිටියි.
නමුත් කොතරම් මඩ ගැසුවද තමන් පසුබට නොවී ඉදිරියටම යන බවද ඔහු පැවසීය.
තමන්ගේ ඖෂධයට ගංජා හා උකුසු බිත්තර ද යොදාගෙන ඇතැයි කියා ඔහු සදහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.