පොළේ වෙළදාම් කටයුතු සිදුකරමින් සිටියදී කොරෝනා රෝගියෙකු හමුවෙයි...දැඩි අවධානම් තත්ත්වයක්.
මොරවක මහජන පොළේ වෙළදාම් කටයුතු වල යෙදී සිට කොරෝනා ආසාධනය වූ වෙළෙන්දෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.
ඔහු ආසාධිතයෙකු ලෙස හඳුනා ගන්නා අවස්ථාවේ මොරවක වෙළඳපලේ වෙලදාම් කටයුතු සඳහා පැමිණ සිට ඇති බවයි පැවසෙන්නේ.
අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් පසුගිය දින ඔහුගේ පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකර තිබියදී ඔහු වෙළදාම් කටයුතු සඳහා පැමිණ ඇති අතර ආසාධිතයෙකු යැයි හඳුනාගත් පසු ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙනයාමට පැමිණි අවස්ථාවේ ඔහු මොරවක සතිපොළේ වෙලදාම් සඳහා ගොස් ඇති බැව් නිවැසියන් පවසා ඇත.ඒ අනුව මොරවක මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් ඔහු සොයා පැමිණි අවස්ථාවේ ඔහු වෙළදාම් කටයුතු වල යෙදී සිට ඇත.
ඒ හේතුවෙන් මොරවක මහජන පොළ මේ වන විට වසාදමා ඇත.
අදාළ ආසධිතයා සමඟ පැමිණි අනෙක් පිරිසගේ තොරතුරු සටහන් කරගෙන ආසාධිතයා රැගෙන පැමිණි එළවළු විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් පියවර ගත්හ.
ආසාධිතයා නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට මොරවක දිස්ත්‍රික් රෝහල කටයුතු කලහ.